හොඳ සිහිය

Spread the love

සඳ නැගෙන විට ඇසෙන
ලද බොලොඳ පද අතැර
හද ගැහෙන වදනකට
සිත යොදනු හැකිද අද

බිඳ දමා පටු හැඟුම්
පොදු දනට සෙත සදන
අරමුනින් බරිතවුන
වැඩ කරන උන් වෙතට
තැන නොතැන දැන නොදැන
මද කිපුනු ලෙස කෙලින
ඇද සොයන පද හදන
ජනවෙතින අසනු අද
හොඳ සිහිය වෙද කොහිද

Nishanathe Dahanayake

Related Post

Leave a Comment