මොන ඇත්තද වැදගත්?

Spread the love

මොන ඇත්තද වැදගත්?

ඇත්තටම අපි ට වැදගත් වන්නේ
අපේ ජීවිතයන්ට අදාල වන,
අපි අත්දකින සිදුවීම් හරහා දැනෙන,
අපිට බලපාන ඇත්ත නොවේද?

නැතිව,
ඒ ඇත්ත කිව්වේ කව්ද ,
කිව් අය ලස්සනද කැත ද,
කළු ද සුදු ද,
ප්‍රංශ ද දෙමළද,
කිව්වේ අලංකාරවද, ශාන්තවද,
යනාදිය නෙවෙයි නේද?

වන්දනාමානකරන්නේ හෝ,
සමරන්නේනම් එවන් අය,
වේවා ශාස්තෘවරයෙක් හෝ නායකයෙක්,
හෝ කළා තරුවක්,
ඒ අපේම මනසේ උපන් මුළාවන් නිසා විය නොහැකිද?
නැතිනම්,
එවන් රූප වන්දනා,
අපට ගෙනදෙන ප්‍රගතිය කුමක්ද
තාවකාලික වින්දනයන් මිස?

උදාහරනෙට ගන්න කාල් මාක්ස් ,
අපේ ජීවිතවල ඇත්ත ගැන,
ලොව පිළිගත් න්‍යායන් ගෙනත්,
පීඩිතයන්ගේ ජයග්‍රහණය ගැන,
අනාවැකි කී මිනිසා.
හානියක් නොවේද,
ඔහුගේම මහා සැලැස්මට,
ඔහු වන්දනා කිරීම,
‘සාමූහිකත්වය’ වෙනුවෙන්,
පුද්ගල ආධිපත්‍යයට එරෙහිවුවෙක් විට,
ඔහු

නැත්නම්,
ගන්න බුදුන් වහන්සේ,
තමන් දකින අත් විදිම් තුලින්,
තමා තුලින්ම,
පරම සතුට සෙවීමට උගන්නපු.
බලන්න මොකද්ද ඇති සම්බන්දය කියල,
බැදීමෙන් තොර,
අත්හැරීමේ ධර්මයක් වෙන බුදුදහමට,
බුදුන් ඉපදුණු රට ඉන්දියාවද නේපාලයද,
බුදුන් ලංකාවට පැමිණියද යන්න,
එයින් අයිතිකාර කමක් වැනි,
පටු සතුටක් ලැබීම හැරෙන්න?

මෙලෙස පෙරාගත් ඇත්තෙනුත්,
අපට ඇත්තටම වැදගත්,
අපට බලපානම ඇත්ත පමණක් නොවේද?
නැතිව විශ්වය ආරම්භ වූයේ කෙසේද,
දෙවියන් සිටීද නැතිද,
යනාදිය නොවේ නේද ?

හැකි නම්,
අපට යන්න,
අපේම මිත්‍යාවන් ගෙන් ඔබ්බට,
අපේම ආධ්යත්මයන් තුළටම,
තනිවම,
එහි ගැඹුරුම මට්ටම් වල ට,
පිවිස,
අභියෝගාත්මකව විමසන්න තමන්වම,
“අවංකවම”,
නෙවෙයිද ඇත්තේ එතැන,
අපි සොයා වෙහෙසන,
ඇත්ත පිළිබඳ,
තියෙන සියලුම ගැටලුවනට,
පිළිතුරු?

– නිශානාථ දහනායක

Nishanathe Dahanayake

Related Post

Leave a Comment